www.hmmv.sch.lk

Societies

විද්‍යා සංගමය
වානිජ සංගමය
කලා සංගමය
මුතුහර ළමා සමාජය
තාරකා විද්‍යා සංගමය
බලශක්ති සංගමය
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
සමාජ විද්‍යා සංගමය
බෞද්ධ සංගමය
සිංහල සාහිත්‍ය සංගමය

Events

මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන
       January 25th, 2019
Sport meet - 2019
       February 1st, 2019
Sportsmeet - 2017
       January 27th, 2017
Sports Meet - 2016
       January 22nd, 2016
වර්වර්ෂ අවසාන ඇගයීම 6 , 7 ,8 හා 9 ශ්‍රේණි සදහා
       November 21st, 2013

Co-Curricular

Handball
Cricket
chess
Football

අප විදුහල් ඉතිහාසය

හෝමාගම නගරයට කිලෝමීටර 01 පමණ දුරින් උප නගරාශ්‍රිතවඉතාමත් නිස්කලංකපරිසරයක් තුල පිහිටා ඇති අප හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය තු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රයාවලිය ඉතා උසස් තත්වයක පවතිනු ලබයි.හෝමාගම කළාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝමාගමප්‍රධාන තැපැල් කාර්යාලය ,ජල සම්පත් මණ්ඩලය , උසාවි සංකීර්ණය, දුම්රියපල ඇතුළුරාජ්‍ය ආයතන බොහොමයක් අප විදුහල අවට පිහිටා ඇත.

බස්නාහිර පළාත් සභාවට අයත් අප විදුහල 1AB වර්ගයට අයත්ව 6 - 13 වසර දක්වා අධ්‍යාපනය සිදුකරනු ලබන මිශ්‍ර පාසලකි.

අප විද්‍යාලය සදහා පවතිනුයේ ඉතා දීර්ඝ ඉතිහාසයක් වන අතර දැනට සොයා ගනු ලැබූ තොරතුරු මත පදනම්ව අප විදුහල් ඉතිහාසය පහත පරිදි වේ.

එක්දහස් නවසිය අසූ ගණන් වලදී හෝමාගම හබරකඩ ගමෙහි විසූ එක්තරා මහත්මයකු විසින් එම ප්‍රදෙශයෙහි විසූ දරුවනට අකුරු කියවීම හා ලිවීමඉගැන්වීම පිණිය තම නිවසෙහි පන්තියක් පවත්වාගෙන යමින් සිදු කරනු ලැබීය.ඒ සදහා වැඩි පිරිසක් සහභාගිවී තිබුනේ හෝමාගම ප්‍රදේශයෙන් වූ බැවින් පසු කළෙක මෙම පාඨශාලාව හෝමාගම බදාදා පොළ අසල භූමියක පොල් අතු මඩුවක් තුල පවත්වනු ලැබීය. ඒ වර්ෂ 1889 දී යැයි තතු දන්නෝ පවසති.

ඔවුන්ගේ තොරතුරු අනුව එම විද්‍යාලයේ පළමු විදුහල්පති වරයා වූයේ හබරකඩ මහත්මයා වේ .මෙසේ කාලය ගෙවී යද්දී වර්ෂ 1900 දී පමණ ගරු ඩී.බී. ජයතිලක මැතිතුමා මෙම බදාදා පොළ අසල පැවති පාසල වෙත පැමිණ එහි දෙමා පියන් අමතා ස්ව භාෂා පාඨශාලාවක අවශ්‍යතාවය පැහැදිලි කරදෙනු ලැබීය.කාලය ගෙවී යද්දී මිශ්‍ර පාසලක්ව පැවැති මෙම පාඨශාලාව ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය වශයෙන් කොටස් කර උගන්වනු ලබන පාසලක් බවට පත්විය.එවිට මෙම පාසලෙහි සිසු දරු දැරියන් වෙන් කොට 6ශ්‍රේණියෙන් ඉහලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමටත් එය පිරිමි විද්‍යාලය හා බාලිකා විද්‍යාලය යනුවෙන්ද 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේය දක්වා මිශ්‍ර පාසලක් යනුවෙන්ද කොටස් කර විද්‍යාල තුනක් ලෙස පවත්වනු ලැබීය.ඒ බදාදා පොළ අසල පවතින වර්තමාන හෝමාගම මහා විද්‍යාලයයි.

කාලයාගේ ඇවෑමෙන් නව පාසලක අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන්නට විය.යම් යම් දේශපාලන පෙරලි මත හෝමාගම ප්‍රදේශයට නව ස්ව භාෂා පාසලක්ලබා දෙනු ලබන බවට එම දේශපාලන අධිකාරිය පොරොන්දු දෙනු ලැබීය. මේසදහා භූමි භාගයක් සෙවීමේදී මෙම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දානපතියකු වු බී. ඒ.සෙමනේරිස් අප්පුහාමි මැතිතුමා මේම නව පාසල සදහා ඉඩම් කොටසක් ලබාදීමට එකග විය.ඒ සදහා එතුමාට අයත් කුරුදු ඉඩමක් පරිත්‍යාග කිරීමට එකග විය. එවක පාලන බලය හොබවනු ලැබූ දේශපාලන අධිකාරිය මගින් මෙම කුරුදු ඉඩම එළි පෙහෙළි කර ගොඩනැගිලි හතරක් ඉදි කරනු ලැබීය. එම ගොඩනැගී ඉද කරනු ලැබු භූමි භාගයවර්තමාන අප හෝමාගම මධ්‍ය මහාවිද්‍යාලය පිහිටා ඇති භූමියයි.

එය වර්ෂ 1937 වසර බැව් තහවුරු වී ඇත.

විද්‍යාලය සතු ලොග් පොත් ලිපි ලේඛණ මෙන්ම ප්‍රදේශවසීන් ගෙන් ලත් තොරතුරු මත පදනම්ව අප විද්‍යාලයේ ආරම්භක වර්ෂය 1937 බැව් තහවුරුව ඇත. අවාසනාවකට මෙන් ස්ථිර ආරම්භක දිනයක් ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමණවත් ලිපි ලේඛණ විද්‍යාලය සතුව නොමැතිවීම ඇති ප්‍රධාන ගැටළුවකි.

කෙසේ වුවද 1937 වසරේදී ආරම්භ කරන ලද මෙම විදුහල රජයේජ්‍යෂ්ඨ ඉංග්‍රීසි පාසල ( Government Senior English School )ලෙස නම් කර ඇත.

ඒ අනුව අතුරුගිරිය පාරේ බදාදා පොළ අසල පවත්වනු ලැබූ පාසලේ 6 වන ශ්‍රේණියෙ සිට ඉහලට වූ ඉංග්‍රීසි මාධ්‍ය ශ්‍රේණි සහ හෝමාගම මාවත්ගම විද්‍යාලයේ 6 වන ශ්‍රේණියෙන් ඉහල ශ්‍රේණි වල දරු දැරියන් ද මෙම විදුහල වෙත ඇතුලත් කර ගන්නා ලදී. හය වන ශ්‍රේණිය හත්වන ශ්‍රේණිය සහ කණිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය දක්වා ශ්‍රේණි පවත්වා ඇත. එවකට මෙය දෙවරු පත්වන පාසලක් වූ අතර සිසුන් 168ක් සහ ගුරුවරුන් 5 දෙනකු සිට ඇති බැව් විද්‍යාලයීය ලොග් සටහන් පිටපත් මගින් තහවුරු වී ඇත.

මෙම කාල සීමාවතුළ සිදුවූ සුවිශේෂි සිදුවීම් ලෙස 1938 දෙසැම්බර් මස 09 වන දින පස්වරු 2.30 සිට පස්වරු 3.45 දක්වා බොක්ෂිං තරගාවලියක් පවත්වා ඇත. එමෙන්ම එවකට හෝමාගම ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසල වන අප විදුහල සහ හංවැල්ල බොස්කොඅ විද්‍යාලය අතර මෙට්‍රොපොලිටන් ශූරතාවය සදහ වොලිබෝල් තරගාවලියක් පවත්වා ඇත.මෙම විදුහල් කණ්ඩායමෙහි නායකත්වය දරා ඇත්තේ එස්. සයිමන් සිසුවා විසිනි. මෙම තරගය පිළිඹද සවිස්තර වාර්තාව 1948 . 10. 19 වන දින ඩේලි නිව්ස් පුවත්පතෙහි පළකොට ඇත.

මේ වන විට සිසුන් 395 සහ ගුරු භවතුන් 10 කින් සමන්විතව ඇත. ඒ අතරම 1951 වසරේදී මෙම පාසල සහ මිනුවන්ගොඩ විද්‍යාලයීය කණ්ඩායම අතර නෙට්බෝල් තරගාවලියක් පවත්වා ඇත. එම තරගයෙන් අප විදුහල් කණ්ඩායම පරාජයට පත්වුනද ඉතා තියුණු තරගයක් ලබා දුන් බව 1951 ඔක්තෝබර් මස 24 දින පළ කරනු ලැබූ ද සිලෝන් ඔබ්සර්වර් පුවත්පතෙහි සවිස්තරව සදහන් කර ඇත.

මෙතෙක් දෙවරු පැවැත්වෙන පාසලක් බවට පත්වතිබු අප පාසල 1949 වසරේ සිට එක් වරුවක් පවත්වනු ලබන පාසලක් බවට පත්විය.සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම් කටයුතු සිදු කරනු ලැබු මෙම පාසල එවක පැවති රජය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත්කල හෙයින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරනු ලැබු අධ්‍යාපන ක්‍රියාවලිය නවතා දමනු ලැබීය. ඉන්පසු සියළුම විෂයයන් සිංහල මාධ්‍යයෙන් පමණක් සිදු කරනු ලැබීය.

වර්ෂ 1960 පමණ වනවිට එවක ගරු අමාත්‍ය ගරු පී.බී.ජී. කළුගල්ල මැතිතුමාගේ මහා විද්‍යාල සංකල්පය තුල රජයේ ජ්‍යෙෂ්ඨ ද්විතියික විද්‍යාලය වන මෙම විද්‍යාලය හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත්විය.ඒ අනුව මෙම විදුහලෙහි 6 ශ්‍රේණියෙන් ඉහල ශ්‍රේණි සදහා පංති පැවැත්වූ අතර ඒ සදහා බදවා ගනු ලැබුයේ තරග විභාගයකින් වීම විශේෂ විය. ප්‍රාදේශීය හ ග්‍රාමීය මට්ටම් කරා මධ්‍ය මහා විද්‍යාල සංකල්පය බිහිව එද්දී එවක හෝමාගම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමණි ජයසූරිය මැතිතුමගේ සුවිශේෂී උනන්දුව හා උත්සාහය මත වර්ෂ 1979 වන විට අප විද්‍යාලය හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත්විය. ඒ අනුව උසස්පෙළ විද්‍යා කළා සහ වාණිජ්‍ය යන අංශ තුන යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියවලිය සිදු කිරීමට හැකිවිය. එතැන් සිට මෙම විදුහල 1 AB වර්ගයට අයත් පාසලක් විය.

ඉන්පසු නැවත 1998 වසරේදී පළමු ශ්‍රේණිය ආරම්භ කරමින් 1 - 13 ශ්‍රේණි දක්වා පංති පවත්වනු ලබන පාසලක් බවට පත්විය.රට තුල නවෝද්‍යා පාසල් බිහිවීම තුල 1998 වසරේදීම අප විදුහල නවෝද්‍යා පාසලක්ද විය. ඒ සදහා එවක විදුහල්පති නෙවිල් කුලරත්න මහතාගේ කැපවීම විදුහලට ආදර්ශයක් විය.

පළාත් සභා පාසලක් වූ අප විදුහල බස්නාහිර පළාත් සභාවට අයත් වූ අතර එවක බස්නහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යව සිටි රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාගේ පාසල් ප්‍රතිව්‍යුහගතකරන ව්‍යාපෘතිය යටතේ 1998 වසරේ සිට සාර්ථකව පවත්වාගෙන යනු ලැබූ පළැමු වසර නවතා දමනු ලැබීය. මේ අනුව මෙම විදුහල නැවත 6 - 13 ශ්‍රේණි දක්වා පංතිපවත්වනු ලබන පාසලක බවට පත්විය.ප්‍රතිව්‍යුහගතකරන ව්‍යාපෘතියේ සංකල්පය වූයේ වර්තමාන හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට සමත්වන සියළුම දරුවන් මෙම පාසලට ඇතුලත් කරගත යුතු බවය. මෙය සෑම වසරකම ක්‍රියාත්මක විය යුතු ක්‍රියාවලියක් බව සම්මත කර චක්‍ර ලේඛ මගින් දැනුවත් කර තිබිණි. ඒ අනුව මෙය් 2005 වසරේදී ක්‍රියාවට නැගුන නමුදු 2006 හා 2007 වසර තුල සාර්තකව ක්‍රියාත්මක නොවීය. නැවත් මෙය 2008 වසරේදී සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ අතර නැවත 2009 වසරේදී අඩපණ විය.

ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන අප විද්‍යාලය හෝමාගම මැතිවරණ කොට්ඨාසයට අයත්ව පවතින එකම මධ්‍ය මහා විද්‍යාලයද වේ.විද්‍යා කළා සහ වාණිජ්‍ය අංශයන්ගෙන් පහසුකම් සහිතව උසස් පෙළ විෂය ධාරාව හැදෑරිය හැකි එකම පාසල වන්නේද අප මධ්‍ය මහා විද්‍යාලයයි.හෝමාගම අධ්‍යාපන කොට්ඨාසය තුල සමස්ථ ක්‍රීඩා ශූරතාවය නොකඩවා හිමිකරගනු ලබන්නේද අප විදුහලයි. වෛද්‍යවරුන් නීතිඥයන්හමුදා නිළධාරීන් ඇතුළු සුවිශෙෂී පුද්ගලයන් බිහිකරලීමේ ගෞරවයද අප විදුහල හිමිකරගෙන ඇත.

එමෙන්ම 2010 වසරේ වයස අවුරුදු 13න් පහල තෙවන කොටසේ සමස්ත ලංකා ක්‍රිකට් ශූරතාවය හිමිකර ගැනීමට අප දරුවන් සමත්වීම විද්‍යාලය තුල නොමැකෙන සිහිවටනයකි. අද වනවිට සිසුන් දෙදහසකට අධික ප්‍රමාණයකින් සහ ගුරු භවතුන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත අප විදුහලෙහි විදුහල්පති ධූරය හොබවනු ලබනුයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අයත් විදුහල්පතිනියක වන ප්‍රියන්ති සමරසිංහ මැතිණිය වීමද විශේෂ කරුණකි. කෙසේ වුවද රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතියික ඉංග්‍රීසි පාසල , රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතියික පාසල , හෝමාගම මහා විද්‍යාලය , හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය නවෝද්‍යා පාසල ආදී විවිධ මට්ටම් පසුකරමින් විද්‍යාලයීය දෙමාපියන් ආදි සිසු සිසුවියන් මෙන්ම විද්‍යාලය සදහා සුභ පතන්නගේද පූර්ණ සහයෝගය හා ආශීර්වාදය මත දිනෙන් දින දියුනුවට පත්වන අප පාසලෙහි එක් සන්ධිස්ථානයක් වශයෙන් මෙම වෙබ් අඩවිය හැදින්විය හැක

History

According to the legends there were no places to store rice In the world war period which were there to deliver the people. For easy for transportation they built two buildings in Homagama area close tothe railway station..Afterthe war they used those buildings as a school for the village children. In 1889 a kind gentleman who was living in Habarakada area started a class to give knowledge for village children. He was named as “Habarakada Mahathmaya” ( Mr. Habarakada) For his class more children were from Homagama area . So it said finally that his class was brought to a cajan hut in Homagama. So then he was the principal of that school. It was said this coconut cajan hut was erected somewhere in Homagama Fair area.

The time went on. Sir Don Baron Jayatilaka (13 February 1868 - 29 May 1944) known as D.B Jayatilaka came to this school which was situated near the Homagama Wednesday fair area and met the parents. He was explained them the need of a Native Language school.

So in“Habarakada Mahathmaya’s” period this was a mixed school from primary section and then it was divided into two categories as English Medium and Sinhala Medium. So above from grade six the students learned the subjects in English. This English section was also divided into Boy’s English School and Also The Girls’ English school. Then the there were three schools there. Now it was known as the Homagama Maha Vidyalaya.

Gradually the numbers of students were increased. So they need another place for a building. A well known person in this area Mr. Semaneris Appuhami , was donated one of his lands to that school. That was a cinnamon garden which was close to that school.. So with the help of the villagers and parents they cleared the cinnamon plants and built up four buildings for the students. with the help of the government then. It was known as the year 1937. Homagama Madya Maha Vidyalaya is now situated in this Cinnamon land which was belonged to Hon. Semaneris Appuhami The exact starting date of this school is not clear. But it was confirmed according to the Log books and the information, that the year was 1937. This school was named as The Government Senoir Secodary School.

The students who were there in Homagama Maha Vidyalaya and the students of Mawathgama Vidyalaya were taken into this school for grade six because this school was above grade six. There were classes from grade six seven and for J.S.C. grades. Then this was conducted in two sessions as morning and evening.

According to the Log Books there were only 168 students and 5 teachers. As the important incidents if this era there was a Boxing Tournament on 09th December 1938 from 2.30 p.m to 3.45 p.m. And also on October 1948 there was a volleyball tournament for the Metropolitan Trophy with Hanwella Bosco Vidyalaya. The student S. Simon was the captain of this school. The full paper report for this match was there at the Daily News paper in 19th October 1948. At that time there were 395 students and 10 teachers.

In the year 1951 there was a Netball match between the Minuwangoda School. Our school was defeated but they had given a tough match.The details about this match was published in The Ceylon Observer paper on 24th October 1951 By the time of that government Sinhala was considered as the official language of Sri Lanka. So from the month of March in 1949 the English Medium of this school was stopped and all the subjects were taught in Sinhala In1968 the Maha Vidyala Concept was arrived. Mr. P.B.G. Kalugalla the Education Minister of that government was announced our school as a Maha Vidyalaya.It was 04th of January 1968. So that the format of this school was changed. All the students from Homagama Kanishta Vidyalaya and Mawathgama Vidyalaya were taken to our school. The other students for grade 6 were selected from a Competitive Examination.

Former minister Honarable Mr. Gamani Jayasooriya who was the parliamentary minister of our area wanted a Madya Maha Vidyalaya to this area. So in the year 1979 this School was promoted as a Madya Maha Vidyalaya. So the classes for Advanced Level were implemented. Many students came for Science, Commerce and Arts sections. This s school is the first school which has an Advanced Level Science Section. Then this school was a 1AB school.
Again in 1998 the Primary section was implemented. Then there were classes from grade 1 – grade 13. By implementing the primary section the interest of parents for this school were more than earlier. They helped a lot to develop of the school. The land for this school was marked. With the help of the teachers and parents our school was the first school which were classes from grade 1- grade 13 in all three sections in this area.

Again the government was implemented the Navodya Schools. In the same year 1998 our school was a Navodya School too. We must specially remember the dedication of the former principal Mr. Nevil Kularathna for getting this Navodya School for us.

Our school was belonged to the Western Province. So that the Re- Structural Concept of the Former Chief Minister Honarable Mr. Rejinold Cooray the primary section of our school was cancelled and again this school was belonged to a school which were classes from grade 6 – grade 13. The Minister’s idea was to get all the students who pass to grade 6 from Homagama Maha Vidyalaya tour school. Bur it was actually a practical failure. There was a circular too about this matter. But the authorities did not pay their attention regarding this matter. Gradually the number of students of this school were reduced because there were no primary section for us. We were waiting to get the student from Homagama Maha Vidayalaya. But they did not like to send them. The Re- Structural Concept was implemented correctly in 2005 but not in 2006 and 2007.Again it was fully successful in 2008 but not in 2009 and 2010.

Actually we have a long history. We are still the sports champions of Homagama Division. We have created Doctors. Lawyers , Officers for three forces and many government officers to the country. The best examination results are too from us.

Today we have a well talented SLEAS principal. At present there are about 1900 students and 98 teachers. When we look at our land were we have more than 6 acres. We have a well equipped science laboratory a main hall and an Computer Room. There are five two storied buildings. With those buildings we have 18 buildings. The students can learn Cadets , Scouting , Girl guide , Hardball cricket , Football , Volleyball , Karate , Chess , Netball and Athletics too as co- curricular activities.

Being The Government Senior Secondary School. The Government Senior English School, Homagama Maha Vidyalaya ,Homagama Madya Maha Vidyalaya and Homagama Navodya Vidyalaya but now our school stands as Homagama Madya Maha Vidayalaya with its popularity itself.

Principal's Message


Contact HMMV

Homagama Central College
Homagama.
Sri Lanka.

Tel : +94 11 2855 408
Fax : 94 11 2855 408
Mail : homagamacentral@gmail.com
Web : www.hmmv.sch.lk

ICT Teacher's Message


"Very Happy with the New Website"

The school official website will declared be open by The Honerable Ministre of Resettlement Mr. Gunarathna Weerakoon more

Mr. Nelson Senaratna
Website Administrator / Teacher
Central College - Homagama

Latest News Titles

වාර්ෂික අවුරුදු උත්සවය - 2019
වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2019
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය -2017
මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන - 2019
ශිෂ්‍ය නායක කඳවුර - 2019
SMART CLASS ROOM - Teachers Training
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය -2015
SMART SCHOOL ව්‍යාපෘතිය සඳහා තේරීම.
අවුරුදු උදානය - 2016
වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2016

   
Copyright © Central College - Homagama
All rights reserved - 2013